SLAMM අත්දැකීම

SLAMM 2021 රොටරැක්ට් ගමනේ මම විඳි තවත් එක් සුන්දර අත්දැකීමක් කීවොත් නිවැරදියි. මේ පිළිබඳ මා මුල්ම වරට දැනුවත් උනේ දැන්වීම් හරහායි. නමුත් කවර ආකාරයක් වැඩසටහනක්දැ’යි එතරම් අවබෝධයක් තිබුණේ නැත. කෙසේ වෙතත් එම දැන්වීම් සහ මාගෙ සගයන්ගේ කතා බහටද ඇහුම්කන් දීමෙන් මෙය විනෝදජනක මෙන්ම මදක් අභියෝගාත්මක අංගයක් බව නම් සිතුනි. දිනෙන් දින SLAMM වෙත ළං වනවාත් සමගම එය මම මීට කළින් සහභාගි වී ඇති tressure hunt වැඩසටහනකට මදක් සමාන නමුත් ඊටත් වඩා වැඩි යමක් බව තේරුම් ගියේය. කෙසේ වෙතත් ඒ සඳහා සහභාගි වන තුරු නම් මා තුළ තිබුනේ නොඉවසිල්ලකි.

කෙමෙන් එම දිනයට පෙර දිනය උදා විය. මා online පැමිණ whatsapp වෙත ගිය විට මම group එක්කට add කර ඇති බව දුටුවෙමි. එහි නම SLAMM 21 ලෙස සඳහන් වී තිබුනි. ඒ වෙත ගොස් මදක් පරීක්ෂා කර බැලූ විත දුටුවේ එහි සිටි කිසිවෙකුත් මා පෙර නොදැනසිටි අය බවය. ඔවුන් මා එහි යන විටත් තමන්ගේ නම, පීඨයද සඳහන් කර හඳුන්වා දී තිබුණි. මමද ගොස් ඔවුන් ලෙසම මා හදුන්වාදුන් අතර මා බලාපොරොත්තු නොවූ ආකාරයේ පිළිගැනීමක් මට ලැබුණි. එහි එක් අයෙක් සංවිධායක මණ්ඩලයෙන් අපේ කණ්ඩායම වෙත පත් කර තිබූ Guardian විය. ඇය විසින් තරඟයේ විස්තර තේරුම් කරන්නට විය. 

ටික වේලාවක් කතා කරමින් සිටි අපට අපි පෙර හඳුනා සිටියේ නැති බව අමතක විය. අපි එකිනෙකාගේ අදහස් නොපසුබටව ප්‍රකාශ කිරීමට යොමුවීමු. Guardian තරඟයේ සියලු විස්තර නොපැවසුවාය. එබැවින් අප තුළ කුතුහලය නම් එන්න එන්නම වැඩි විය. කෙසේ වෙතත් අපට පැවරුණු පළමුවන රාජකාරිය නම් කණ්ඩායමට නමක් යෝජනා කිරීමය. “මොන වගේ නමක්ද දාන්නෙ?” , ” අනික් අය මොන වගේ නම් දාලා ඇතිද?”, ” ව්හිලු නමක් දාමුද”? මෙලෙස විවිධ ප්‍රශ්න මතු විය. අවසානයේ Panic Mash නම යෝජනා විය. දෙවන රාජකාරිය අපි සැම සුපිරි වීරයන් ලෙස ඇඳ ඡායා රූපයක් ගෙන ඒවා එකතු කර ටිකට් පත සම්පූර්ණ කිරීමයි. නමුත් මෙහි විශේෂත්වය වූයේ අපේ නිවසේ ඇති දේවල් භාවිතා කර අපගේ නිර්මාණශීලීත්වයට අනුව මෙම ඇඳුම් සාදාගත යුතුව තිබීමයි. විවිධ නිර්මාණශීලී ඇඳුම් මෝස්තර පමණක් නොව මින් පෙර කිසිම දිනක නොදැකපු ආකාරයේ සුපිරි වීරයන්ද දැක ගත හැකි විය.

නමුත් ඒ වන විට අප අතර දැඩි මිත්‍රත්වයක් වර්ධනය වී තිනුණේ අපටත් නොදැනිමයි.

එක් එක පීඨයට අදාල වන ආකාරයේ ප්‍රශ්න සහ විවිධ ගැටළු විසඳීමට අපට තිබුණි. ඒ අතර ප්‍ර්හෙලිකා පිරවීමට,කාටුන් වල චරිත සෙවීමට සහ සිංදු හඳුනා ගැනීමටද විය. එක් එක් පීඨ වල විශය දාරාවන්ටද අදාල නමුත් සාමන්‍ය දැනීමෙන් ප්‍රශනද විය. ඒවාට පිළිතුරු සැපයීමට සෑම දෙනාම එක්ව ක්‍රියා කළෙමු.කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ ගණනාවකින් සාමාජිකයන් සිටි අතර තම පීඨය ගැන ප්‍රශ්න අසා ඇති විට අප මදක් බියට පත් වීමු. නමුත් එය ඉතා සුන්දර අත්දැකීමකි. අප ප්‍රශ්න වල පිළිතුරු සපයා විවිධ වචන සොයා කාර්‍යයෙන් කාර්‍යය නිම කළෙමු. අප කාර්‍යය නිමාකරන විට අනෙක් කණ්ඩායම් වල තත්ත්වයද guardian ගෙන් විමසීමට අමතක මොකළෙමු.විනෝදාත්මක තරඟ වට කිහිපයක් අවසානයේ අප අවසන් වචනයද සො‍යා ගත්තෙමු. අප ට කළින් කණ්ඩායම් කිහිපයක් තරඟය නිම කර තිබුණි. නමුත් අප තරඟය අවසානය තෙක් පැමිණීම පිළිබඳ නොමද සතුටට පත් වීමු.

තරඟය පිළිබඳ පවසනවානම් එය සවිධානය කර තිබුණේ අපිව  පුදුමයට පත් කරවන ආකාරයටයි. එහි සංවිධායක මණ්ඩලය එය online අත්දැකීමක් වුවත් අපට සජීවී අත්දැකීමක් ලබා දෙන ආකාරයට එහි අංග සකසා තිබුණි. සියළුම උපදෙස් පැහැදිළිව සඳහන් කර සූදානම් කර තිබුණි. මෙවැනි අත්දැකීමක් ලබා දීම පිළිබඳ විශේෂයෙම්ම ප්‍රධාන විශ්වවිද්‍යාලයෙන් ඈත්ව පිහිටි පීඨයක් වන වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක් ලෙස මම කෘතවේදීත්වය පළ කරමි. දැනුම විනෝදය මෙන්ම පොත පතෙන් ගත් නොහැකි බොහෝ දේ සමඟ මිතුරන් රැසක්ද එදින මා එකතු කර ගතිමි.

ස්තූතියි.

චලිත වර්ෂවිතාන

වෛද පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *