දරුවන් වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සදහා යොදා ගැනීම කිසිවිටෙක යෝග්‍යය නොවේ.

එන්න අපි පෙඩොෆීලියාව ගැන දැනුවත් වෙමු.

(Written by: Kusala Fernando, Faculty of Medicine, University of Colombo)

පෙඩොෆිලියාව ( Pedophilia ) යනු කුමක්ද ?

දනුවත් සමජයක් මඟින් අපේ දරුවන් ආරක්ශා කරමු !.

දෙමාපියන් හට තම දරුවන් තරම් වටිනා දෙයක් මෙලොව නොමැති තරම්ය. දරුවා උපන් මොහොතේ පටන් කුඩා වැලි කැටයකින් වත් සීරීමක් නොවන්නට ඔවුහු වග බලා ගත්තෝය. දෙමාපිය අවධානය ගිලිහී යන තත්පර කිහිපයක් දරුවෙකුගේ දිවියේ නොමැකෙන අඳුරු මතක රැසක් ඉතිරි කරන්නට හේතු විය හැක. දරුවෙකු දෙස බැලීමේදී, දරුවෙකු ආදරයෙන් හැසිරවීමේදී, දරුවෙකුට කතා කිරීමේදී ඔබ හා මා හැසිරිය යුත්තේ කෙසේද කතා කළ යුත්තේ කෙසේද, කුමක් ද යන්න දෙවරක් සිතන්නට අමතක කරන්නේ නැහැ.

අප මෙසේ සුරකින දරුවන්ගෙන් තම ලිංගික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට මනස විසින් පොලඹවනු ලබන්නාවු ඇතැම් පුද්ගලයින් අප අතර සිටින බව පැවසූවහොත් ඇතැම් විට ඔබ මවිත වන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් නව යෞවන වියට නොපැමිණි දරුවන් ( වයස අවුරුදු 13ට අඩු ) මෙවන් පුද්ගලයින් ගේ ග්‍රහණයට නතු වන්නට ඇති හැකියාව ඉහලය. මෙය වෛද්‍ය විද්‍යාවේදී පෙඩොෆිලියාව (pedophilia) ලෙස හඳුන්වන මානසික රෝගී තත්ත්ව යටතේ වර්ග කරනු ලබයි. වෛද්‍ය විද්‍යාවට අනුව පෙඩොෆිලියාව ලෙස හඳුන්වන්නේ නව යෞවන වියට පා නොතැබූ අවුරුදු 13ට අඩු දරුවන් කෙරෙහි ඇතිවන ලිංගිකත්වය පදනම් කරගත්ගත් මනංකල්පිත අදහස්, ලිංගික හැඟීම්, හැසිරීම් හා ලිංගික ක්‍රියාවන්ය. මෙවැනි තත්ත්වයක් අවම වශයෙන් මාස හයක කාලයක් පුරා පැවතීම රෝගියකු ලෙස හඳුනා ගැනීම ට අවශ්‍ය වේ. මෙයට අමතරව මෙවැනි පුද්ගලයෙකු රෝගියකු ලෙස සැලකීමට එම පුද්ගලයා තම සිතුවිලි අනුව ලිංගික ක්‍රියාවක යෙදී තිබීම හෝ ඔහුට පැමිණෙන සිතිවිලි හේතුවෙන් අධික මානසික පීඩනය / විශාදය ( Depression ) තත්ත්වයට පත්ව සිටිය යුතුයි. මේ සඳහා යොමුවන පුද්ගලයින් අවම වශයෙන් අවුරුදු දහසය ට (16) වඩා වැඩි විය යුතු අතර ලිංගික ආශාවන් ඇති වන දරුවාට වඩා අවම වශයෙන් අවුරුදු පහක් (5) වත් වැඩිමහල් විය යුතුය

මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු සාමාන්‍යයෙන් තෝරා ගන්නේ වයස අවුරුදු හය සිට නව යෞවන විය (අවුරුදු 13) අතර වන දරුවන් වන නමුත් ඇතැම් පුද්ගලයින් ඉතා අඩු වයසේ දරුවන් තම ලිංගික තෘප්තින් ඉටු කර ගැනීමට යොදා ගනි. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු තම ලිංගයේම හෝ විරුද්ධ ලිංගික දරුවන් හට ආකර්ෂණය විය හැකිය.

මෙවැනි පුද්ගලයින් දරුවන්ගේ සමීප නෑදෑයන්, පවුලේ හිතවතුන් හෝ දරුවාට සම්බන්ධයක් නොමැති නමුත් දරුවාට හිතවත්කමක් දක්වන පුද්ගලයන් විය හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් දරුවන් හට කරන ක්‍රියාවන් දරුවෙකු දෙස බැලීම, දරුවෙකු ඇල්ලීම, දරුවෙකුගේ ඇඳුම් ගැලවීමේ සිට බොහෝ විට මුඛ ලිංගික ක්‍රියාවන් හා දරුවෙකුගේ ලිංගික ප්‍රදේශ ස්පර්ශ කිරීම දක්වා පුළුල් පරාසයක පැතිරිය හැකිය. දරුවන් දුෂණය කිරීම් සම්බන්ධව වරදකරුවන් වන සියලු පුද්ගලයන් පෙඩොෆිලියාව නමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් නොවන බව මෙහි දී සඳහන් කළ යුතුමය. ළමා දූෂණයට වරදකරුවන් වන අයගෙන් පෙඩොෆිලියාව රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේ සියයට හතළිහක් (40%) පමණි. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන සියලු දෙනා ළමා දූෂණයට යොමු වන්නේ ද නැත. එබැවින් පෙඩොෆිලියාව හා ළමා දූෂණය එක හා සමාන වචන දෙකක් නොවන බව සිහි තබා ගත යුතුය. මෙම රෝගී තත්ත්වය කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වය අතර ම දැකිය හැකි රෝගයක් නමුත් පිරිමි පුද්ගලයින් අතර ජනගහනයෙන් සියයට 1 ත් 5 ත් (1%-5%) අතර ප්‍රමාණයක දැකිය හැකි බව සමීක්ෂණ වලින් තහවුරු වී ඇත. කාන්තාවන් අතර මෙම රෝගී තත්ත්වය එතරම් සුලබ නොවේ.

පෙඩොෆිලියාව රෝගය ඇතිවීමට හේතු නිශ්චිත වශයෙන් තවම සොයා ගෙන නොමැත. නමුත් මෙය පවුල් අතර එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට යා හැකි බවට සාක්ෂි ඇත. මෙය ජානමය බලපෑම මත හෝ තමාගේ වැඩිහිටියන්ගෙන් උගත් හැසිරීම් මත රඳා පැවතිය හැක. කුඩා කාලයේදි දරුවකෙු ලෙස දූෂණයට ලක්ව තිබීම ද මතු කාලයේ දී පෙඩොෆිලියා රෝගියෙකු වීමේ සම්භාවිතාව වැඩි කරන බවට ඇතැම් විශ්ලේෂණ වලින් පෙන්වා දී ඇත. මොළයට බලපාන ඇතැම් රෝගී තත්ත්වයන් ද පසුකාලීනව පෙඩොෆිලියාව රෝගී තත්ත්වය ඇති කිරීමට හේතුවන බව සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් බොහෝ විට දරුවන් ඇති ස්ථානවල ගැවසීමටත්, දරුවන් සමග සමීප සම්බන්ධතා වැඩි වැඩියෙන් ගොඩනගා ගැනීමටත් පෙළඹේ .අවස්ථාවක් ලැබුණු විට ඔවුන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිය ලිංගික තෘප්තිය ඉටුකර ගනී. වර්තමර්තමාන COVID 19 වසංගත තත්ත්වය සමග දරුවන් අන්තර්ජාල පහසුකම් බහුලව භාවිත කරයි .ඔන්ලයින් (ONLINE ) සංකල්පය තුළ දරුවන්ට අන්තර්ජාලය තුල හැසිරීමට බොහෝ අවස්ථා ලැබී ඇත. මුහුණු පොත (facebook) හරහා ගිනුම් සාදා ගන්නා දරුවන් නොදැනුවත්කමින් මෙවන් පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වූ අවස්ථා වාර්තා වීම සීග්‍රයෙන් වැඩි වීම ශෝකජනක කරුණකි. දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩ නැගීමට වෙර දරන සමාජයක් ලෙස අපේ සාමූහික වගකීම කුමක්ද?. කළ යුතු වන්නේ මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබඳව මනාව දැනුවත් වෙමින් සමාජයේ අන්‍යයන් ද දැනුවත් කිරීමයි. තම දරුවාට මෙවැනි පුද්ගලයින්ගෙන් ආරක්ෂා වන ආකාරය කියා දෙමින් නිරන්තරයෙන් දරුවන් ගැන අවධානයෙන් සිටීමයි. මෙවැනි අදහස් හා හැඟීම් සහිත පුද්ගලයන් සෑම විටම පාහේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නේ උසාවි නියෝගයකින් පසුව පමණයි. තමාට ඇති හැඟීම් හඳුනාගනිමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් විසින්ම යොමු වීම තමාටත් සමාජයටත් සිදු කරන මහත් යහපත් ක්‍රියාවක් වනු ඇත. වෛද්‍යවරයකු හමු වූ විට ඔහු නියමිත ප්‍රතිකාර ක්‍රම සඳහා ඔබව යොමු කරනු ඇත. මානසික රෝගී තත්ත්වයකින් පෙලීම ලැජ්ජාවට පත්විය යුතු කරුණක් නොවන බවත්, එය ද සාමාන්‍ය කායික රෝග මෙන් ඖෂධ මගින් පාලනය කරමින් සාමාන්‍ය දිවියක් ගත කිරීමට උදව් වන බව සිහි තබා ගත යුතුය. ශ්‍රීලංකාව තුල කුමන ආකාරයක හෝ මානසික රෝගයකින් පලෙනෙ පුද්ගලයකෙුට 1926 දුරකතන අංකය අමතා අදාල උපදසේ ලබා ගනීමේ පහසුකම් සෞඛ්‍යය අංශ මගින් සපයා ඇත.

දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩ නැගීමට එක්ව පෙළ ගැසෙමු. ළමා දූෂණයට එරෙහිව හඬ නඟමු.

Reference –

1. https://www.psychologytoday.com/us/conditions/pedophilia

2. https://theconversation.com/the-causes-of-paedophilia-and-child-sexual-abuse-are-more-complex-than-the-public-believes-94915 )

3. https://theconversation.com/we-need-to-support-paedophiles-to-prevent-child-sex-offending-44845

4. https://www.webmd.com/mental-health/features/explaining-pedophilia#2

5. https://neuroanthropology.net/2010/05/10/inside-the-mind-of-a-pedophile/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *